Colombo Today Local News

විදුලි බිල නගී.. 66% ගාස්තු සංශෝධනයට බිල වැඩි වෙන්නේ මෙහෙමයි

අද (16)දිනයේ සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් විදුලිය විසන්ධි නොකරන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

විදුලි බිල ගෙවා ගැනීමට ආර්ථික අපහසුතා ඇති පුද්ගලයින් පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරියේදී තීරණයක් ගනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

66% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා දුන්නේ ය.

ඒ අනුව ඊයේ (15) සිට නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි.

නව විදුලි ගාස්තු සංශෝධනය අනුව ඒකක 60 ක් භාවිතා කරන නිවසක විදුලි බිල ඉහළ යන්නේ 276% කිනි.

ඒ අනුව ඒකක 60 ක් භාවිත කරන නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 680 ක් වූ විදුලි බිල රුපියල්
2,560 ක් දක්වා ඉහළ යනු ඇති.

ඒකක 30 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 360 ක විදුලි බිල රුපියල් 1300 ක් දක්වා ඉහළ යනු ඇත.

එය 261% ක වැඩිවීමකි.

ඒකක 90 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 1800 ක් වූ විදුලි බිල රුපියල් 4430 ක් දක්වා ඉහළ යනු ඇති.

ඒකක 200 වැඩියෙන් භාවිත කරන නිවසක විදුලි ගාස්තු ඉහළ නංවා ඇත්තේ 32% කිනි.

Related posts

කතාන්දර පොත් වල සගවා ගෙනා කෝටි 23 කොකේන් කටුනායක දී අල්ලයි

Admin

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ධුරයට ලංකා ජයරත්න. රංග දිසානායක කොටුවට මාරු කෙරේ

colombotoday

මැතිවරණ කඩිනමින් කරන්නැයි, ඉල්ලා ඉදිරි පත්වූ පෙත්සම් සලකා බැලීමට දින දෙයි

Admin

වනඅලියෙකු පහරදීමෙන් තිදරු පියෙක් මරුට

colombotoday

විදුලිබල පනත වැඩි ඡන්ද 84කින් සම්මතයි

colombotoday

ජවිපෙ 20 මැතිසබෙන් විසිවෙයි

colombotoday