තේ ගොවියා ආරක්ෂා කරදෙන ලෙස ආණ්ඩුවට බල කරමින් තේ වගාකරුවන් ඊයේ නෙළුවේදී විරෝධතාවක නිරත වූවා. හැළි වළං පොළොවේ ගසමින් තේ ගස් මහා පාරේ හිටුවමින් ඔවුන් විරෝධය පළකර අතර කලින් පොරොන්දු වූ පරිදි තේ කිලෝවක් සඳහා රුපියල් 80ක් ලබා දෙන ලෙසත් පොහොර සහනාධාරය පෙර පරිදිම යලිත් ලබා දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.