උපරිම ලෙස බලය බෙදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට එතරම් පටහැනි නොවන බව එම පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (8)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකාව යනු ඒකීය රාජ්‍යයක් නිසා විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් මේ වනවිට කියැවෙන කතා පිළිබඳ ප්‍රශ්න ඇති කර ගත යුතු නැතැයි ද හිටපු ජනාධිපතිවරයා කීය.
දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිත්වය පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත්කිරීම යහපත් ක්‍රියාවක් බව ද දේශපාලනය මුවාවෙන් රට දෙකඩ කරන වැඩ කටයුතු කරන පක්ෂවලට ඒ අනුව තම ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වන බව ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රාජාසන කතාව ඉතා හොඳ කතාවක් බව ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවසීය.