Colombo Today Local News

විදෙස් ජාතික නැවියන් දෙදෙනෙක් ජාත්‍යන්තර මුහුදු තීරයේ දී මියයයි

විදෙස් ජාතික නැවියන් දෙදෙනෙක් හදිසියේ මියයෑමේ සිදුවීමක් පිළිබඳ ගාල්ල වරාය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත..

ඊජිප්තුවේ සිට ඉන්දියාව බලා භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවක සේවයේ යෙදී සිටි නැවියන් දෙදෙනෙක් ජාත්‍යන්තර මුහුදු තීරයේ දී මියගොස් ඇතැයි ඊයේ (01)දින ලද පැමිණිල්ලක් මත අදාළ විමර්ශන ආරම්භ කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 41ක් හා 53ක් වන යුක්‍රේන ජාතිකයින් දෙදෙනෙකි.

එම නෞකාව මේ වනවිට දේශීය මුහුදු තීරයේ ගාල්ල වරාය ආසන්නයේ නැංගුරම්ලා ඇති අතර, එම මරණ සම්බන්ධයෙන් ගාල්ල මහෙස්ත්‍රාත්තුමිය වෙත කරුණු වාර්තා කර මෘත ශරීර ගොඩබිමට රැගෙන ඒම සඳහා කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වේ.

මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමට නියමිතය.

Related posts

අද පැයක විදුලි කප්පාදුවක්

colombotoday

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් කොටුවෙයි

colombotoday

තවත් භාණ්ඩ වර්ග 300ක ආනයනය සීමා ඉවත් කිරීමට සැරසෙයි

Admin

ETCA තීන්දුයි ! ඉන්දීය ප්‍රධාන සාකච්ඡාකරු භල්ලා ලංකාවට එයි

colombotoday

අවුරුදු සමයේ විශේෂ දුම්රිය සටහනක්

Admin

අභිරහස් ලෙස මිය ගිය විදෙස් ජාතිකයෙකුගේ මළසිරුරක්

colombotoday