Colombo Today Local News

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ජගත් මානව හිමිකම් කවුන්සිල සමාලෝචන වාර්තාව අද එළිදකී

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සකස් කළ විශ්වකාලාන්තර සමාලෝචන වාර්තාව අද (01)දින එළි දැක්වේ.

ජිනීවා නුවරදී මෙම වාර්තාව එළි දැක්වෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කරයි.

2017 සිට මේ දක්වා මෙරට මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ නිරීක්ෂණ මෙම වාර්තාවට ඇතුළත් ය.

අමාත්‍යවරයා සදහන් කරන්නේ, මෙරට මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ලක් රජය ස්වේච්ඡාවෙන් එකඟ වූ කරුණු මෙන්ම මානව හිමිනම් කවුන්සිලය ලබා දී ඇති උපමාන ක්‍රියාත්මක වී ඇති ආකාරය සම්බන්ධයෙන් ද අද එළිදැක්වෙන වාර්තාවේ කරුණු ඇතුළත් බවයි.

වාර්තාව එළිදැක්වෙන අවස්ථාවේදී මෙරට වෙනුවෙන් කරුණු දැක්වීමට නිලධාරීන් පිරිසක් මේ වනවිට ජිනීවා වෙත ගොස් ඇත.

ඊට විදේශ අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඇතුළත් වේ.

Related posts

රටවල් 7ක සංචාරකයින්ට Free visa

Admin

බිල නොගෙවූ 40,000කගේ ජල සබඳතා විසන්ධි කෙරේ.. – මණ්ඩලයට මිලියන 1600ක් පාඩුයි

Admin

අගමැති ගන්න කාර් දෙක මිලියන 600ක් වුණාට පාඩු නෑ.. බදු ආදායම රජයටයි

colombotoday

2023 ඡන්ද හිමි නාම ලේඛනයට නම් ඇතුළත් නොවූවන්ට ඉල්ලීම් කරන්න දී තිබූ කාලය අවසන්..

Admin

කාන්තන්කුඩි ආයුර්වේද රෝහලේ ප්‍රධාන වෛද්‍ය ජලල්දීන්ගෙන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම්

colombotoday

තෙල් සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්වයක්.. කැරලි මර්ධන ඒකකය සීරුවෙන් (Video)

colombotoday