Colombo Today Local News

තස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටි වසන්ත මුදලිගේ එම නඩුවෙන් නිදහස්

තස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ඊට අදාළ නඩුව අද(31)දින කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළේ, යැයි චෝදනා කරමින් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන දින 89 ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව පසුගිය නොවැම්බර් 21 වැනිදා සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර සිටියේ ය.

අද මෙම නඩුවෙන් ඔහු නිදහස් කෙරුණ ද තවත් නඩු කිහිපයකට අදාළව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

Related posts

ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා බවින් ඉවතට

colombotoday

එක් දිනක් තුළ තේ පැළ ලක්ෂ 35ක් සිටුවීමට සැලසුම්..

Admin

කැසිනෝ බදු ගැන මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin

විදුලි පාරිභෝගික පැමිණිලි එදිනම විසඳීමට ගත් අලුත් පියවර

colombotoday

ගෙලෙහි කැපුම් තුවාල සහිත මළ සිරුරක් මහ පාරේ

Admin

මම තනිවෙලා නෑ… ජනතාවගෙන් 90%ක් මා සමගයි – ජනපති

colombotoday