බොරැල්ල ප්රදේශයේ පෞද්ගලික රෝහලක දී මුදල් ලබා දෙන බවට පවසමින් දිළිදු පුද්ගලයන් මුලා කර වකුගඩු ලබාගත් බව කියන සිද්ධියට සම්බන්ධයෙන් තවත් තරව්කරුවෙකු ජංගම දුරකතන දෙකක් ද සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකරු වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම වගකුඩු ජාවාරම සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයන් සිව්දෙනකු හා කාන්තාවක් බොරැල්ල පොලිසියට කළ පැමිණිල්ලක් අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇත.
සැකකරු අද (31)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.