Colombo Today Local News

ණයට ගන්න එපා. රජයේ විදයම් කපා හරින්න – ජනපතිගෙන් උපදෙස්

ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වළකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සියලු නිලධාරීන්ට දැනුම් දී තිබේ.

රාජ්‍ය ආදායම, වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පවතින බැවින් රජයේ විදයම් කපා හැරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී ඇත.

මෙම වසරේ ජනවාරි මාසයේ රාජ්‍ය ආදායම් වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පැවැති බැවින් රජයේ වියදම් කපා හැරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.

රජයේ ආදායම්, සියලු වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් එමගින් සිදුකළ හැක්කේ වැටුප් සහ විශ්‍රාම දීමනා, සුබසාධක, ඖෂධ සහ ණය සේවාකරණය පමණක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එමෙන්ම රාජ්‍ය ආයතන සඳහා ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වළකින ලෙසත් ඒවායෙහි වියදම් සඳහා පෞද්ගලිකව වගකීමට සිදුවනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සියලු නිලධාරීන්ට දැනුම් දී තිබේ.

Related posts

එජාපයෙන් ගිය අයට යළිත් එක් වන්න අවස්ථාව

colombotoday

සමිදුනි වැරදි අවබෝධය ගැන දහස්වාරයක් සමාව අයදිමි, ඔබ වහන්සේ පැවසූ සියල්ල ඇස් පනාපිට සත්‍ය බව ඔප්පු වී හමාරය…

colombotoday

ඇමරිකාවේ TikTok තහනම් ?

Admin

ලොරි රථයක ගැටී රුසියානු කාන්තාවක් මරුට

colombotoday

සිත කළකිරෙයි

Admin

සත්ව ආහාර හා බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම අත්හිටුවන්න උපදෙස්

Admin