Colombo Today Local News

මම ඉල්ලා අස්වන බවට පළවන වාර්තා බොරු – මැකොස සභාපති දැනුම් දෙයි

තමන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අවධාරණය කර තිබේ.

ඔහු සදහන් කර සිටින්නේ, පළවන මේ අසත්‍ය තොරතුරුවලට පිළිතුරුදීමට කාලය වැය කිරීම පවා අර්ථයක් නොමැති දෙයක් බවයි.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය කටයුතු ජාතික මැතිවරණ කොමිසම සම්පාදනය කරමින් සිටින බව ද පුංචිහේවා මහතා පවසයි.

මේ අතර කොමිසමේ සාමාජිකයෙකු ඉවත් වීම පළාත් පාලන ඡන්දය පැවැත්වීමට බාධාවක් නොවන බව ද නිමල් පුංචිහේවා මහතා සදහන් කරයි.

ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ බව කියා සිටියේ, පී.එස්.එම්. චාල්ස් මහත්මිය කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමිනි.

ඔහු කියා සිටි සදහ්න් කර සිටින්නේ, ඒ සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට නිල දැනුම්දීමක් කර නොමැති බවයි.

කෙසේවෙතත් එක් සාමාජිකයෙකුගේ ඉවත්වීම කොමිසම රැස්වීමට අවශ්‍ය ඝන පූර්ණයට බාධාවක් නොවන බව ද නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

Related posts

මුස්ලිම් ජනතාවට වැඩිම සේවයක් කලේ මගේ ආණ්ඩුව- අගමැති මහින්ද

colombotoday

පනත සම්මතවී සතියයි.. විජයකලා වැඩ අරඹයි.. අතුරුදන් වූවන් සොයා යාපනේ ළිං හාරන්න යයි

colombotoday

මූතූර් ගෙංගෙයි පාලම යටින් අවි තොගයක් හමුවෙයි…

colombotoday

නීතිවිරෝධී ගිනිඅවි සමග දෙදෙනෙක් අල්ලයි

colombotoday

තිස්ස අත්තනායක රිය අනතුරකට ලක්වෙයි

Admin

පැය 12ක මෙහෙයුමකින් 1563ක් අත්අඩංගුවේ

colombotoday