Colombo Today Local News

සේවකයින්ගේ මාසික වැටුප් සතිපතා ගෙවන්නැයි යෝජනාවක්

මාසික වැටුප් සතිපතා ගෙවීමට හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යෝජනාවක් කරයි.

අද (25)දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, එලෙස සිදුකිරීමෙන් දැවැන්ත මුදලක් එක්වර සොයාගැනීමේ අභියෝගය රජයට මුහුණදීමට සිදුනොවන බවය.

වැටුප් ගෙවීමත් වැටුප් ලබන්නාත් යන දෙදෙනාම ණය උඟුලේ සිරවීම ඉන් වැළකී යන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

“සතිපතා වැටුප් ලැබීමේ දී ඒ සතියට ලැබෙන්නේ ඒ සතියේ වියදම පමණක් නිසා අවසාන සතියේ දී මුදල් වියදම් වෙලා ණයට ගැනීමේ අවශ්‍යතාවය මතුවෙන්නේ නෑ. ඒ වගේම ආණ්ඩුවට වේවා පෞද්ගලික අංශයට වේවා දැවැන්ත මුදලක් එකවර සොයාගැනීමේ පීඩනය මතුවෙන්නේ නෑ. වැටුප් ගෙවන්නාත් වැටුප් ලබන්නාත් දෙන්නම ණය උඟුලේ සිරවීමේ අවධානමෙන් මුදාගැනීමට සතිපතා වැටුප් ගෙවීම පිටුවහලක් වෙනවා. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල දැන් වැටුප් ගෙවන්නේ සති පතා හෝ දෙසතියකට වරක් මිස මාස් පතා නොවන බවත් සිහිපත් කරන්න ඕනෑ.”

Related posts

සති දෙකක් තුළ වැඩි මිලට සහල් විකුණු 1000 කට නඩු

colombotoday

මැතිවරණ පරාජයෙන් පසු සජිත් ජාතිය අමතයි!

Admin

අන්තවාදී, වහබ්වාදී, ෂබාබ් උත්සවයක ප්‍රධාන දේශනයකට නීතිඥ අලි ශබ්රි ගිහින්

colombotoday

නිරෝධායන නීති නොතකමින් පැවැත් වූ අරාබි පාසල

colombotoday

පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ බැදුම්කර කොමිෂන් වාර්තාවේ නිර්දේශ මෙන්න

colombotoday

අදත් බස් ධාවනය සීමා වෙයි

colombotoday