Colombo Today Local News

රහුමාන් ගේ පුරප්පාඩුවෙන් ෆවුසිට යළිත් පාර්ලිමේන්තු වරම්

මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ඒ.එච්.එම්. ෆවුසි ගේ නම ගැසට් කර තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ පුරපති ධූරයට තරග කිරීම සඳහා සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ජන. 20 වන දා ඉල්ලා අස්විය.

ඉකුත් මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 6ක් හිමි කර ගත් ෆවුසි මහතාට මනාප 48,701ක් හිමි වී තිබිණි.

ඒ අනුව, ඔහු මනාප ලැයිස්තුවේ 7වන ස්ථානයේ පසු විය.

කොළඹ හිටපු නගරාධිපතිරයෙකු ද වන ඒ.එච්.එම්. ෆවුසි මහතා මේ වන විට 85 වියෙහි පසු වේ.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

Related posts

අලි සබ්‍රිටත් බුර්කාව එපා වෙයි.. මුහුණු ආවරණ පැළදීම තහනම් කරන්න නීති ගේන්න යයි

colombotoday

රිය අනතුරකින් කාන්තාවක් මියයි

colombotoday

මෙරට ආර්ථික වර්ධනය පසුබසී

Admin

දහවල් බූස්ටර් එන්නත ලබා ගත් යුද හමුදා කෝප්‍රල්වරයකු රාත්‍රියේ ඇදවැටී මියගිහින්

colombotoday

බුදුන්වහන්සේටත් කොකා පෙන්නූ අයවැයක් – ගම්මන්පිල කියයි

Admin

ගුරුවරු මෙල්ලකරන්න දරදඩු වූ කොල්ලුරේ පක්ෂ සභාපති තනතුරින් පන්නයි.

colombotoday