Colombo Today Local News

රුපියල් කෝටි ගණනක වංචා කළ සක්විති මුදල් ගෙවන හැටි දැනුම් දෙන්නැයි නියෝග

සමාගම් පනතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහි නඩුවෙන් මුදාහළ හැකි විත්තිකරුවන් සහ චෝදනා සංශෝධනය කළ හැකි ආකාරය පිළිබඳව ලබන මාර්තු මස 14 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබඳි මහතා අද (23)දින නියම කර තිබේ.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී තැන්පත්කරුවන්ට ගෙවිය හැකි මුදල් ප්‍රමාණය හා ඊට අදාළ ප්‍රතිශතය පිළිබඳ වාර්තාවක් විත්තිකරුවන්ගේ නීතිඥවරයා ඉදිරිපත් කර ඇතැයි සඳහන් කරමින් රජයේ නීතීඥවරිය කළ දැනුම් දීමක් සළකා බැලු විනිසුරුවරයා එලෙස නියම කර ඇත.

සමාගම් පනතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙකනුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා ඇත.

නඩුව කැඳවනු ලැබ අවස්ථාවෙදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිට ඇත.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුවන් කිහිප දෙනෙකු නඩුවේ සංශෙශා්ධිත චෝදනාවන්ට වරද පිළිගැනීමට සූදානමින් සිටින්නේ යැයි දැනුම් දී තිබේ.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිට රජයේ නීතීඥවරිය තැන්පත්කරුවන්ට ගෙවිය හැකි මුදල් ප්‍රමාණය හා ඊට අදාළ ප්‍රතිශතය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයිද අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය වී ඇතැයිද පවසා ඇත.

අදාළ වාර්තාව අධ්‍යනය කොට අධි චෝදනා සංශෝධනය කළ හැකි ආකාරය සහ නඩුවෙන් මුදාහළ හැකි විත්තිකරුවන් පිළිබඳ දැනුම්දීම සඳහා මාස 1 1/2ක කාලයක් ලබාදෙන්නැයි රජයේ නීතීඥවරිය ඉල්ලීමක්ද කර ඇත.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව පැමිණීල්ලේ ඉල්ලීමට අවසර දුන් විනිසුරුවරයා මාර්තු මස 14 වැනිදා නඩුව යලි කැඳවීමටද නියම කර තිබේ.

Related posts

ගෝඨාභය පුටින් වගේ

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ගැන දැනුම්දීමක්

Admin

තුනට කැඩුනු ගෑස් සිලින්ඩරය

Admin

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම 22වනදා

Admin

නවක වදයට එරෙහි වූ සිසුවෙකුට පහරදුන් කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතන සිසුන් 35කට ඇප

colombotoday

ගජබින්න ඇද බාන්නේ කවුද? කවුරුන් හෝ ජනපති අන්දමන්ද කරනවාද? ජනපති යම් ව්‍යාධියකින් පෙළෙනවාද?

colombotoday