Colombo Today Local News

උසස් පෙළ විභාගයට යමින් සිටි පෙම්වතියට ඇසිඩ් පොවන්න ගිය නරුම පෙම්වතාටත් ඇසිඩ් පහර

කෑගල්ල නගරයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයකට පියා සමග ත්‍රීරෝද රථයකින් යමින් සිටි පාසල් ශිෂ්‍යාවකට පෙම්වතා යැයි කියන තරුණයකු පරගම්මන ප්‍රදේශයේ දී යතුරු පැදියකින් මඟ හරස් කර ඇසිඩ් පෙවීමට උත්සහ කිරීමේදී ඇති වූ ගැටුමක් නිසා පාසල් ශිෂ්‍යාව සැකකාර තරුණායා, පාසල් ශිෂ්‍යයාවගේ පියා පිළිස්සුම් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයේ පදිංචිව සිටින 21ක් පාසල් ශිෂ්‍යයාවක ඇගේ 45 හැවිරිදි පියා හා කෑගල්ල නගරයේ පදිංචිව සිටින 21 හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසයි.

කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පාසල් ශිෂ්‍යාව කෑගල්ල නගරයේ විභාග මධ්‍යස්ථානයක් වෙත පියාට අයත් ත්‍රීරෝද රථයෙන් පියා සමඟ ගමන් කරමින් සිටියදී පරගම්මන පසු කර බටවංගුව ප්‍රදේශයේ දී ශිෂ්‍යාවගේ පෙම්වතා යැයි කියන තරුණයකු මිතුරකු සමග යතුරු පැදියකින් පැමිණ මඟ හරස් කර ත්‍රීරෝද රථයේ පිටුපස සිටි පාසල් පෙම්වතියගේ බෙල්ල මිරිකා ඇසිඩ් පෙවිමට උත්සහ දරන අවස්ථාවේ දී පියා ඇසිඩ් බෝතලය ගෙන තරුණයාට පාරක් එල්ල කර ඇති බව කල මුලික විමර්ශන කටයුතු වලදී අනාවරණය වු බව පොලිසිය කියයි.

එම අවස්ථාවේ දී පාසල් ශිෂ්‍යාවටත් ඇගේ පියාටත් හා සැකකාර තරුණයාටත් ඇසිඩ් වැදීමෙන් පිළිස්සුම් තුවාල ලබා තිබේ.

Related posts

රටටම හොරෙන් මංගල සමරවීර කළ මහා පාවාදීම.. ඇමති මහින්ද සමරසිංහ හෙළිකරයි !

colombotoday

අජිත් ප්‍රසන්නගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි. යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

colombotoday

කිරිවෙහෙර නාහිමි ඝාතන තැතට හේතුව හෙළිවෙයි.. කොන්ත්‍රාත්තුව දේවාලයේ කපුවාගෙන්…

colombotoday

ජනපති දෙලොවක් අතර.. අගමැති එනතුරු ඉල්ලා අස්වීම භාර නොගනී.. දිල්රුක්ෂි තවම වැඩ

colombotoday

Breaking News: රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල පහළට

Admin