Colombo Today Local News

චීනයට චෝදනා කිරීමට පෙර අමෙරිකානු ප්‍රතිපත්ති විමසා බලන්න… තානාපති ජූලි චන්ග්ට චීනයෙන් දැඩි පිළිතුරක්

බී බී සී රූපවාහිණිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිණී ජූලි චන්ග් මහත්මිය දැක්වූ අදහස් පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ.

චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ පලකර තිබූ මේ ප්‍රතිචාරයේ අවධාරණය කර තිබුණේ, චීනයට චෝදනා කිරීමට පෙර තානාපතිනිය ඇමරිකානු ප්‍රතිපත්ති පිළිබඳ විමසා බැලිය යුතු බවයි.

පසුගිය 12 වැනිදා අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය බීබීසී නිවුස් ලයිට් වැඩසටහනට එක් වෙමින් පෙන්වා දුන්නේ, චීනය තවදුරටත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ කටයුතු ප්‍රමාද නොකළ යුතු බවයි.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රමාදය ශ්‍රී ලංකාවට අයහපත් කරුණක් බවත් ශ්‍රී ලංකාවාසීන් වෙනුවෙන්වත් චීනය මෙම කාර්යය කළ යුතු බවත් ඇය එහිදී ප්‍රකාශ කර තිබිණ.

චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කළේ ඇමරිකානු තානාපතිනිය චීනය, චීනය, චීනය යනුවෙන් මතුරමින් ශ්‍රී ලංකාවේ ණය සාකච්ඡාවලට චීනය කල් මරණ බවට චෝදනා කළ බවයි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශාලතම කොටස්කරු හා නිශේධ බලය හිමිවන්නේ කාට ද? 2022 වසරේ පමණක් ඩොලර් ට්‍රිලියන තුනකට වඩා සල්ලි අච්චු ගැහුවේ කවු ද? ඉහළ පොලී අනුපාත යටතේ ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් 40%ක් අයිති පෞද්ගලික ණය හිමියන් ඉන්නේ කොහේද? ශ්‍රී ලංකාව ණය නොගෙවන රටක් ලෙස දැනුවත් කිරීමෙන් පසුව වහාම ෆෙඩරල් අධිකරණය ඉදිරියේ නීතිමය පියවර ගත්තේ කවු ද? චීනය සහල් මෙට්‍රික් ටොන් දස දහසක්, ඩීසල් ලීටර නවදහසක්, රුපියල් බිලියන 5ක් වටිනා ඖෂධ සහ මීටර් මිලියන තුනක පාසැල් නිල ඇඳුම් සඳහා රෙදි නොමිලේ ලබාදුන් අවස්ථාවක අමෙරිකාව ශ්‍රී ලංකාවේ ජනතාවට උදව් කළේ කෙසේදැයි ජනතාව දැනගත යුතුයි. ඒ වගේම චීනය විසින් ගෙනයන ප්‍රතිඋපකාර අපේක්ෂා නොකරන කැපවීම සහ කටයුතු හමුවේ යූඑස්ඒඩ් ආයතනය පනවා ඇති දේශපාලන කොන්දේසි මොනවාදැයි ප්‍රශ්න කළ යුතුයි. අමෙරිකානු නියෝජිතවරිය ස්වයං විමර්ශනයක් නොකර වෙනත් අයට චෝදනා එල්ල කිරීම කුහකකමක්. ඇයි ඇමරිකාව ශ්‍රී ලංකාවට වඩාත් සහනදායී විසඳුමක් අත්කරදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ තීරණාත්මක ලෙස කටයුතු නොකලේ චීනය සහ ශ්‍රී ලංකාව අතර හොඳ හිත පළුඳු කිරීමට වඩා ශ්‍රී ලංකාවට විශාල ඩොලර් සංචිත ප්‍රමාණයක් ලබාදීමට ඇමරිකාව කටයුතු නොකළේ ඇයි? මේ සම්බන්ධයෙන් තීරණ ගැනීමට ශ්‍රී ලංකාවේ හා චීනයේ ජනතාව ඉතා බුද්ධිමත්. එයට අකුල්හෙළීම සඳහා විදෙස් දේශනා අවශ්‍ය වන්නේ නැහැ.”

Related posts

පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යයි.. යාපනයේ උණුසුම් තත්ත්වයක්

colombotoday

ETI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ අත්අඩංගුවට

colombotoday

ඉතාලිය ඇතුලු රටවල් කිහිපයකින් පැමිණි 65 කට උසාවි නියෝගයක්

colombotoday

බස්නාහිර පළාත් සංවර්ධනයට අදාල සුබානා ජුරොං සැලැස්මට කැබිනට් අනුකමිටුවක්

Admin

ජනපති දෙලොවක් අතර.. අගමැති එනතුරු ඉල්ලා අස්වීම භාර නොගනී.. දිල්රුක්ෂි තවම වැඩ

colombotoday

අසාත් සාලි එරෙහිව පැමිණිලි කළ මන්ත්‍රීවරුන්ට නොතීසි

colombotoday