ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර තිබේ.
එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකාවට පැමිණිමට පෙර අද දිනයේ මාලදිවයිනේ සංචාරයක නිරත වන අතර එය අවසන්කර ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට රැඳී සිටින කාල සීමාවේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම නියමිතව තිබේ.