Colombo Today Local News

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් අතුරුදන්

කළුතර ශික්‍ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු අතුරුදන් බවට ලද පැමිණිල්ලක් ලැබී ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ එල්.සී. ජයසිංහ නමැති වෛද්‍යවරයෙකි.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ බිරිය කළ පැමිණිල්ලක් මත පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.

වෛද්‍යවරයා පැමිණි බව කියන මෝටර් රථය පෙරේදා (14) රාත්‍රි කළුතර පාලම ආසන්නයේ දමා ගොස් තිබී හමුව ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

වෛද්‍යවරයා ගඟට වැටුණේදැයි සොයා බැලීමට මේ වන විට බෝට්ටු දෙකක් දමා කළු ගඟේ මෙහෙයුමක් කරන බවත් පොලිසිය කීය.

කළුතර දකුණ පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

Related posts

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: මහේල ජයවර්ධනටත් කැඳවීමක්

colombotoday

විදේශීය නාවිකයන් පිරිසක් මෙරටට ගෙන එයි

colombotoday

2021 වසරේ සාගර කලාපය තුළ කළ වැටලීම් මගින් රු. බිලියන 15 කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

colombotoday

රත්නජීවන් හූල් ඡන්දය කල් දැමීමේ කොන්ත්‍රාත්තුවක් අරන්

colombotoday

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ 24වන යුද හමුදාපති ධූරයට පත් කෙරේ

colombotoday

මෙරට පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය පත්කෙරේ

colombotoday