මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා හයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස නැවතත් මාර්තු මස 10 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය අද (25දා) නියෝග කළේය.
මීට පෙර ඔහු අවස්ථා දෙකකදී බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්රාත් කටයුතු කරනු ලැබීය. යෝෂිතගේ මව වන ශිරන්ති රාජපක්ෂ, ඔහුගේ සහොදර පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාද අධිකරණයට පැමිණ සිටියහ.