Colombo Today Sports News

ශ්‍රී ලංකාවට තීරණාත්මක ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (12) පස්වරු 1.30 ට පැවැත්වේ.

ඒ, කොල්කටාහී ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදීයි.

ඉන්දීය කණ්ඩායමේ කිසිදු වෙනසක් පිළිබඳව මේ වන තෙක් වාර්තා නෙවන අතර ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක ආබාධයකට ලක්වීම හේතුවෙන් එක්ස් රේ පරීක්ෂණයකට ලක් කර ඇත.

මීට අමතරව පන්දුව ශරීරයේ වැදීම නිසා චාමික කරුණාරත්න ආබාධයකට ලක්ව ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, ඔහු අද තරගයට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

ඩිල්ශාන් මදුශංක මෙම තරගයට ක්‍රීඩා නොකළ හොත් ඒ වෙනුවට දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර කණ්ඩායමට එක් කර ගනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

දෙරට අතර එක්දින තරගාවලියේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම ජය ගත්තේ ලකුණු 67කිනි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම තරගාවලියේ පෙරමුණේ රැඳී සිටින්නේ 1ට 0ක් ලෙසයි.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු රඳවාගැනීමට නම් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.

Related posts

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වෙයි

colombotoday

පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ දුෂණ විරෝධී නීති උල්ලංඝනය කල උමාර් අක්මාල් පුනරුප්ථාපනයට යොමු කරයි.

colombotoday

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින තරඟය අද

colombotoday

නොවැක් ජොකොවිච්ට තවත් ජයක්

colombotoday

ක්‍රිකට් නිලවරණය පවත්වන්නැයි සංගම් 52ක් ඉල්ලයි

colombotoday