Colombo Today Local News

සේපාල් අමරසිංහ යලි කූඩුවට

මහනුවර ශ්‍රී දළදා මාළිගයේ වැඩසිටින දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ නමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 5 වනදා අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (10) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

ඒ අනුව එම දෙපාර්තමේන්තු නිලධාරින් විසින් සැකකාර සේපාල් අමරසිංහ නමැත්තා අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු ලබන 17වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබේ.

එමෙන්ම ඔහු විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ද එදිනට ප්‍රකාශ කරන බව මහෙස්ත්‍රාත්වරයා විසින් දැනුම් දී තිබේ.

Related posts

“දකුණත් එක්ක සම්මුතියක් නෑ… උතුරට ස්වයංපාලනයක් ඕනෑ” – විග්නේශ්වරන්

colombotoday

කුරුණෑගල ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක්

Admin

කළුතර සුසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

Admin

මූල්‍ය අරමුදලත් දැන් තාලය වෙනස් කරලා – කිරිඇල්ල මූල්‍ය අරමුදලින් ප්‍රශ්නයක් අහයි

Admin

“ඇමතිවරුන්ට අවශ්‍ය පරිදි අධිකරණ පිහිටුවන්න බෑ” – අධිකරණ සංවිධාන සංශෝධන පනතට හිටපු ජනපතිගේ විරෝධය

colombotoday

කෝටි 80ක තහනම් භාණ්ඩ රේගු භාරයට

colombotoday