Colombo Today Local News

ජල ටැංකියක නැග දුම්රිය සේවකයින් විරෝධයක

රත්මලාන දුම්රිය අංගනයේ ජල ටැංකියක නැගගත් දුම්රිය සේවකයින් 04 දෙනෙකු මේ වනවිටත් වෘත්තීය ක්‍රියාමාර්ගයක නියතවී සිටියි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථීර නොවූ සේවකයන් 160 දෙනෙකුත් ස්ථිර නොකර ඒ අයගේ පුරප්පාඩු පිරවීම සඳහා බහු කාර්‍ය සංවර්ධන සහායක සේවකයන් 3,000ක ප්‍රමාණයක් ස්ථිර පදනම යටතේ බඳවා ගැනීමට විරෝධය දක්වා ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

මෙම සේවකයින් දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම්, තාවකාලික, ආදේශක,කොන්ත්‍රාත් පදනම යටතේ අවුරුදු 10කට ආසන්න කාලයක සිට සේවයේ නිරතවී සිට ඇති බව දුම්රිය සේවා වෘත්තිය සමිති එක්සත් පෙරමුණ පවසයි.

Related posts

ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද සහ හෙට වෙළෙඳපොළට

Admin

“මල්වතු නාහිමි සමග කතා කර බුද්ධාගම රකින්න අලුත් වගන්තියක් ගේනවා“ අගමැති

colombotoday

භාණ්ඩ බෙදාහැරීමේ සේවා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

මගේ ගේ ගිනි තිබ්බේ ජවිපෙ මන්ත්‍රීවරයෙක් – ශාන්ත බණ්ඩාර

colombotoday

සජිත් සිරිකොතෙන් පලවා හරී.. සජිත් හිතවාදීන් සිරිකොත වටලන්න යයි !

colombotoday

චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9ක් ගෙවයි

colombotoday