Colombo Today Local News

පාස්කු ප්‍රහාරය : නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනාගේ ඇප ප්‍රතික්ෂේප කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීම ඇතුළු චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (05)දින තීන්දු කර තිබේ.

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුනි.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු දමිත් තොටවත්ත මහතා සඳහන් කළේ මෙම අවස්ථාවේදී විත්තිකරුවන් ඇප මත මුදාහැරීම යෝග්‍ය නොවන බවය.

ඒ අනුව අප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව නඩුව නැවත පෙබරවාරි මස 01 වනදා කැඳවීමට නියම කෙරුණි.

Related posts

කොරතොටදී වෙඩි තබා පලායාමක්

Admin

අද දුම්රිය ගමන්වාර 6ක් අවලංගුයි

colombotoday

මහ බැංකුවේ නව අධිපති මහාචාර්ය ලක්ෂ්මන්

colombotoday

රණවිරුවන් ආරක්ෂා කිරීමේ නව පනතක් ගෙන ආ යුතුයි – අස්ගිරි අනුනායක හිමි

colombotoday

විමර්ශනයක් ඉල්ලා කංචන CID යයි

colombotoday

පල්ලියෙන් නෑ කිවුවට “කොරොනා ආසාදිතයෙක් රතු පල්ලියේ දේව මෙහෙයට සහභාගී වෙලා” – ආරක්ෂක ලේකම් තහවුරු කරයි

colombotoday