Colombo Today Local News

පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට මම නෑ – ජනපති

පළාත් පාලන මැතිවරණයේ කිසිදු ඡන්ද කටයුත්තකට තමන් සහභාගි නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට ඊයේ (4)දින නිල වශයෙන් දැනුම් දී ඇත.

තමන්ට වරමක් දී ඇත්තේ ඡන්ද කිරීමට නොව දෙවසරක් ඇතුළත රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීමට බව ත් ඒ වරමින් පිට ක්‍රියා කිරීමට කිසි විටෙකත් සූදානම් නැති බව ත් එජාප නායකයන් හමුවේ ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ කරුණ දැනුම් දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කොළඹදී ඊයේ (4) සවස හමුවූ අවස්ථාවේදී ය.

එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබේ නම් ඒ සඳහා වන තීරණය ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ මුලසුන සාම්ප්‍රදායානුකූලව පමණක් ගැනීමට තමන් ඉදිරිපත් වන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එජාප නායකයන්ට දැනුම් දුන්නේ ය.

ඊට අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට තමන් සහභාගි නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරට ත් කියා සිටියේ ය.

එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ඡන්දයට සහභාගි වන්නේ නම් අපේක්ෂක ලැයිස්තුවෙන් 40%ක් අලුත් මුහුණු දැමීම සුදුසු බව තම මතය යැයි ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන සඳහා පත්වන සභිකයන් හාරදහසකට පමණක් පඩි සහ දීමනා වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙන බව කී ජනාධිපතිවරයා ඉතිරි පිරිස පඩි සහ දීමනා රහිතව නොමිලේ සේවය කරන්නේ දැයි දැනුම් දිය යුතුව ඇතැයි ද කියා සිටියේ ය.

Related posts

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳුන්ගේ සංගමය අගමැතිගෙන් කළ ඉල්ලීම

colombotoday

අද දිව්රුම් දුන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත කොළඔ අපරාධ කොට්ඨාශයට විරුද්ධව පැමිණිල්ලක්

colombotoday

ඩොලර් බිලියනයක ණය ගිවිසුමකට අත්සන් කර බැසිල් යළි දිවයිනට

colombotoday

මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගෙන් CIDය පැය 4ක ප්‍රකාශයක් ගනී

colombotoday

දවස් 40ට මරණ 12යි.. රෝගීන් 9,886යි.. ඩෙංගු අධි වංසගත තත්ත්වයක් !

colombotoday

ඔස්ට්‍රේලියාවෙන් මෙරටට ගෙන්වූ කිරි ගවයන්ට භයානක ලෙඩ දෙකක්… බ්‍රිතාන්‍ය පර්යේෂණ ආයතනයක් හෙළිකරයි… මිනිසුන්ටත් බෝවීමේ අවදානමක්…

colombotoday