Colombo Today Local News

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරියක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස මාලතී පරසුරාමන් මහත්මිය පත් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම පත් කිරීම සිදු කර තිබෙි.

මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අංශයේ අතිරේක ලේකම්වරිය ලෙස මෙතෙක් කටයුතු කළාය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පර්යේෂණ ගණනාවක් මාලතී පරසුරාමන් මහත්මිය විසින් සිදු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ගන්නෝරුව A9 මෑ ප්‍රභේදය, HOB – 2 නමැති ප්‍රථම බෝංචි ජානමය පර්යේෂණය හඳුන්වා දීම, HORDI TOMATO HY3 තක්කාලි ප්‍රභේදය හඳුන්වා දීම, දෙමුහුන් නව මාලු මිරිස් ප්‍රභේදයක් වන “ප්‍රාර්ථනා” හඳුන්වා දීම යනාදී වශයෙන් පර්යේෂණ රැසක් මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂිකාවක් වශයෙන් සිදු කර ඇතැයි අමාත්‍යාංශය පවසයි.

Related posts

අජිත් ප්‍රසන්න යලි රිමාන්ඩ්

colombotoday

ද ෆිනෑන්ස් තැන්පතුකරුවන් සදහා නිවේදනයක්

colombotoday

දිවයින පුරා සමථ මණ්ඩල කටයුතු හෙට සිට යළි ඇරඹෙයි

colombotoday

මහ කන්නයට යුරියා පොහොර බෙදාහැරීම අද සිට

Admin

මහින්දගෙන් කොළඹට ඕමාර් කාමිල්.. එජාප බලකොටුව බිද වැටෙන ලකුණු !

colombotoday

ජංගම දුරකථන මිල යළි ඉහළට…

colombotoday