Colombo Today Local News

ඩීසල් මිල අඩු වුණත් බස් ගාස්තු අඩු කරන්නෙ නැහැ

ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් මිල 4% කින් අඩු විය යුතු බවයි.

ඊයේ (02) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේ ය.

ඒ අනුව රුපියල් 420 ක් ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල පහළ දැමුවේ රුපියල් 15 කිනි.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405 කි.

රුපියල් 365 ක් ව පැවති ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩුකර ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 355 ක් වනු ඇති.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල අඩු කිරීමට සාපේක්ෂව තමන් ද ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල පහත දැමූ බව ලංකා අයි ඕ සී සමාගම නිවේදනය කළේ ය.

Related posts

එජාපයෙන් ගිය අයට යළිත් එක් වන්න අවස්ථාව

colombotoday

යුද සෙබලෙක් තුර්කි කතකට බසයක් තුළදී ලිංගික අතවරයක් කරලා

Admin

ඉන්ධන රැගත් දුම්රියක් පීලි පනී

colombotoday

රණවිරු ප්‍රහාරයෙන් හදවත් ඇති මිනිසුන්ට රිදෙයි.. බුකිය පුරා ජනපති, අගමැති පතුරු අරී !

colombotoday

(VIDEO) අයවැයට එරෙහිව බැංකු සේවකයෝ දහස් ගණනක් විරෝධයේ

colombotoday

ලේකම් නැතුව ඇමතිට හොරකම් කරන්න බෑ

Admin