World

මෙක්සිකෝ බන්ධනාගාරයකට වෙඩි ප්‍රහාරයක්: සිරකරුවෝ විශාල පිරිසක් පැන යති

උතුරු මෙක්සිකෝවේ අමෙරිකානු දේශ සීමාවේ පිහිටි බන්ධනාගාරයකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට සැක කෙරෙන තුවක්කුකරුවන් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම ප්‍රහාරයෙන් පසු බන්ධනාගාරයේ සිටි රැඳවියන් විශාල සංඛ්‍යාවක් පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිස උදෑසන 07:00 පසු වී සුළු වේලාවකට පසු ආයුධ සන්නද්ධව මෝටර් රථවලින් චිහුවාහුවා ප්‍රාන්ත බන්ධනාගාරය වෙත පැමිණ එහි සිටි ආරක්ෂකයින්ට වෙඩි තැබීමට පටන් ගත් බව බලධාරීන් සඳහන් කර ඇත.

බන්ධනාගාර රැඳවියන් 4 දෙනෙකු ද ඇතුළුව ප්‍රහාරයෙන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

එහිදී රැඳවියන් 24 දෙනෙකු පළා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම බන්ධනාගාරයේ විවිධ අපරාධ කණ්ඩායම්වල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සිරකරුවන් රඳවා සිටින බව ය.

ප්‍රහාරය අතරතුර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් සිව් දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇතැයි බලධාරීන් ප්‍රකාශ කර ඇත.

සිද්ධිය ඇසින් දුටු කාන්තාවක ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රහාරකයන් කළු ඇඳුමින් සැරසී සිටි බව ත්, පොලිසියට වඩා සන්නද්ධව ඒ අසලින් යන සෑම වාහනයකට ම වෙඩි තබමින් සිටි බව ත් ය.

Related posts

ISIS පවුලක් ඉන්දුනීසියාවේ කිතුනු පල්ලි තුනක් පුපුරවා මරාගෙන මැරෙයි.. දෙවැනි දිනටත් අද තවත් ප්‍රහාරයක්..

colombotoday

ටාටා සමූහයේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි රිය අනතුරකින් ජීවිතක්ෂයට

colombotoday

තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

පකිස්ථානය ඉන්දීය ගුවන් යානා දෙකක් බිමහෙළයි

colombotoday

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් විසිදහස ඉක්මවයි

colombotoday

මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන තහනම්.. පල්ලි 700ක් වසා දමයි

colombotoday