Colombo Today Local News

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : විමර්ශන සිදු කරන සියලු කණ්ඩායම් පොලිස්පති හමුවට කැඳවයි

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන සියලු කණ්ඩායම් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා හමුවට කැඳවා තිබේ.

ඒ, විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම ඇතුළු ඉදිරි තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහායි.

මෙම මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායම් 8 ක් විමර්ශන සඳහා යොදවා ඇත.

ඒ අතරට වෝහාරික විමර්ශන කණ්ඩායම්, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ඇතුළු අංශ අයත් බව පොලීසිය පවසයි.

අදාළ කණ්ඩායම්වල විමර්ශන නිලධාරීන් පොලිස්පතිවරයා සමග සාකච්ඡාවට කැඳවා තිබේ.

Related posts

පාස්කුව ලෙයින් තෙත් කළ ඉස්ලාම් ත්‍රස්තයන් අටදෙනා මෙන්න…

colombotoday

කිලෝ 60ක මත්කුඩු සමග 9ක් අත්අඩංගුවට

colombotoday

තිළිණි ප්‍රියමාලි කල මූල්‍ය වංචා සම්බන්ධයෙන් බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට

Admin

අතින් පයින් පහරදුන් එරාවුර් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

colombotoday

විදුලි විසන්ධිය හමුවේ අන්තර්ජාල සේවා සැපයුමටත් බාධා…

colombotoday

කොරෝනාවෙන් පීඩාවට පත් ව්‍යාපාර 20240ක් සඳහා ණය ලබාදීමට මහ බැංකුවේ අනුමැතිය

colombotoday