Colombo Today Local News

පිඟන් සංස්ථාවට උළු කැට වලින් විසිඑක් ලක්ෂයක පාඩුවක්

පිඟන් සංස්ථාවේ උස්වැව කම්හලින් චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට සපයා තිබූ පළමු ශ්‍රේණියේ පැතලි උළු කැට 39,200 ක් ප්‍රතික්ෂේප වී තිබූ අතර එම ප්‍රතික්ෂේප වූ උළු කැට රැගෙන යෑමට සහ එම උළු කැට වෙනුවට හොඳ උළු කැට සැපයීමට සිදුවීම නිසා රුපියල් විසිඑක් ලක්ෂයක පාඩුවක් මණ්ඩලයට දැරීමට සිදුව තිබූ බව විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

සංස්ථාව සතු කම්හල් නවයෙන් හතක ඉඩම් හා ගොඩනැගිලි වල හිමිකාරීත්වය තහවුරු කිරීම සඳහා හිමිකම් හෝ හෝ ඔප්පු හෝ වෙනත් නිත්‍යානුකූල ලියවිලි මණ්ඩලය සතු නොතිබූ බවද එම වාර්තාව සඳහන් කරයි.

කෝටි හතරකට ආසන්න වටිනා මණ්ඩලයේ ඉඩම් ගොඩනැගිලි වෙනුවෙන් ස්ථාවර වත්කම් ලේඛනයක් නඩත්තු කර නොතිබූ අතර එම ස්ථාවර වත්කම් සමීක්ෂණය කර සමීක්ෂණ මණ්ඩල වාර්තා විගණනයට ඉදිරිපත් කර නොතිබූ බවද විගණන අංශ පවසයි.

Related posts

තවත් කහ කිලෝ 21,000ක් ගිනිතබා විනාශ කරයි

colombotoday

කිඹුලාඇලේ ගුණාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන වැල්ලම්පිටියේ එළිසබෙත් අත්අඩංගුවට

Admin

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday

සල්ලි හොයන්න භාණ්ඩාගාර බිල්පත් විකුණයි

Admin

ගෝඨාගේ පුරවැසිකම ප්‍රශ්න කරා ඇති, තවත් නාන්න බෑ – සජිත් පිළේ මත ගැටුම්

colombotoday

ලක් අම්මා රත්නපුරයට

Admin