Colombo Today Local News

ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සකස් කර අවසන්

වසර ගණනක් තිස්සේ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අඩුපාඩුවක්ව පැවැති ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය මේ වනවිට අවසන් කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බව එම ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

සෑම අංශයක්ම නියෝජනය වන පරිදි විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මේ සඳහා පත් කෙරුණු අතර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය උදිත් ජයසිංහ, මහාචාර්ය පාලිත වීරක්කොඩි, මහාචාර්ය එම් බී. රත්නතිලක, ආචාර්ය බී.වී.ආර් පුණ්‍යවර්ධන, ආචාර්ය ඩී. ඇස් . කුරුප්පුආරච්චි, හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ආචාර්ය අජන්ත ද සිල්වා හා ආචාර්ය ඩබ්. එම්. එම් වීරකෝන් යන මහත්වරු මෙම කමිටුවට අයත් වූහ.

සෑම අංශයක්ම නියෝජනය වන පරිදි කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා අදහස් හා යෝජනා ලබා ගත් බව ද විද්වත් කමිටුව කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

Related posts

විශේෂ විදුලිබල වැඩසටහනක් මම ක්‍රියාත්මක කරනවා

Admin

ගොවීන්ට චීනයෙන් ලැබුණු ඩීසල් කඩිනමින් බෙදන්නැයි, කෘෂිකර්ම ඇමතිගෙන් නියෝග..

Admin

දිස්ත්‍රික්ක 8 කට නායයෑමේ අනතුරු ඇඟවීම්… කැලණි ගඟ සුළු ගංවතුර මට්ටමේ…

colombotoday

සැගවී සිටියදී අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් 27 දක්වා බන්ධනාගාරගත කෙරේ

colombotoday

ලොව පුරා ආහාර උද්ධමනය ඉහළට : ශ්‍රී ලංකාව 7 වෙනි තැනට

Admin

එජාප පොළොන්නරුව සංවිධායකයා රිමාන්ඩ්

colombotoday