Colombo Today Local News

රිය අනතුරකින් අවුරුදු 7ක දැරියක් මිය යයි

කහටරුප්ප පොලිස් වසමේ කහටරුප්ප බදුල්ල මාර්ගයේ අම්පිටිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 7ක දැරියක මිය ගොස් තිබේ.

කහටරුප්ප දෙස සිට බදුල්ල දෙසට ධාවනය වූ බස් රථයක් කහටරුප්ප දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසි පවසයි.

අනතුරින් ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් කළ දැරියන් තිදෙනෙකු තුවාල ලබා කැන්දගොල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී බරපතළ තත්ත්වයේ සිටි දැරියක් බදුල්ල රෝහල වෙත මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.

මියගිය දැරිය මුතුමාල, කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කහටරුප්ප පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගැන එජාපයේ මතය ඇමති හරින් කියයි

colombotoday

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක..

Admin

වාද්දූවේ නිවසක් ගිනි ගනී

colombotoday

ආණ්ඩුව ගෙදර යනතුරු සටන ඉදිරියට….

colombotoday

මවක් 14 හැවිරිදි දිය­ණි­යට වඳ සැත්ක­මක් කර තරු­ණ­යකු සමඟ නිවෙසේ ජීවත් වෙන්න ඉඩදීලා

colombotoday

අගමැති රනිල් අන්තිම ලේ බිදුව තෙක් සටනක…

colombotoday