Colombo Today Local News

ගුරුවරුන්, ශිෂ්‍යන්ට දෙමාව්පියන් මෙන් ලං වීම මත්ද්‍රව්‍ය භාවිතය නැවැත්වීමට හොඳම විසඳුමයි – පොලිස් ඇමති කියයි

ගුරුවරුන් පාසල් ශිෂ්‍යන්ට දෙමාව්පියන් මෙන් සංවේදී වීම ළමුන් මත්ද්‍රව්‍ය භාවිතය නැවැත්වීමට හොඳම විසඳුම බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ඊයේ (23දා) මහජන ආරක්ෂක අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මන්ඩලය ඒකාබද්ධව සංවිධානය කල මත් නිවාරනය පිලිබද බස්නාහිර පලාතේ පාසල් 223 ක ගුරුවරුන් පුහුණු කිරීමේ තෙදින වැඩමුළුවේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය අමතමින් පැවසීය.

මෙහිදී ටිරාන් අලස් මහතාගේ පියානන් වන ආර්.ටී.අයි අලස් මහතා හා ගුරුවරියක් වූ මව උදාහරණයට ගනිමින් හෙතෙම පවසා සිටියේ, ඩී.එස්.සේනානායක විද්‍යාලයේ විදුගල්පති ලෙස සිටින කාලයේ ඔහු තම ළමයින්ට නමින් නොව “පුතා”යැයි ආමාන්ත්‍රණය කළ අතර ළමයින් තමන්ගේ පුද්ගලික ප්‍රශ්න පවා ඔහු හමුවේ පවසා සිටීමට තරම් ඔහු ළමයින් හා එක්ව වැඩ කළ බව සිහිගැන්වෙන බවයි. තම පියා හා මව දෙදෙනාම ගුරුවරුන් වූ නිසාම ඇමැතිතුමන් කුඩා කාලයේ සිටම අධ්‍යාපන පරිසරයක හැදුන වැඩුන බවත් මතක් කරමින් කියා සිටියේ තම දෙමාව්පියන් ළමයින්ගේ ප්‍රශ්න තමන්ගෙ ප්‍රශ්න ලෙස ගෙන ළමයින්ට උදව් කළ බවය.

එලෙසම ගුරුවරුන්ට තමන්ගේ ශිෂ්‍යන්ට දෙමාව්පියන් සේම සංවේදීව ඉතා ලඟින් ඇසුරුකරීමට හැකිනම් මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට හොඳම විසඳුම බව ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, මත්ද්‍රව්‍ය උවදුරින් වැඩිම තර්ජනයට ලක්ව ඇත්තේ බස්නාහිර පළාතේ පාසල් දරුවන් බවය. පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ඈත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා පොලිසියත්, අධ්‍යාපන අමාත්‍යාංශයත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මන්ඩලයත් එ

ක්ව මෙහෙයුම් සැලසුම් කර ඇති බවත් මෙම මෙහෙයුම සාර්ථකව නිමා කරන බවත් පවසා සිටියේය.

Related posts

2017 වසරේ ඩෙංගු රෝගීන් 184000 ක්‌ මරණ 430 ක්‌

colombotoday

හිස්බුල්ලා වහාම ඉවත් කරන්න – පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු සත්‍යග්‍රහයක

colombotoday

මචං උඹලගේ අන්තවාදී සෙට් එක මරාගෙන මැරෙන්නේ ගෑනු හින්දා – තාත්තට කියලා දීපං – BBC මාධ්‍යවේදී අසාම් අමීන්ට පේෂල කියයි

colombotoday

ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවධානමක්…

colombotoday

මැතිවරණ ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමට විශේෂ කාරක සභාවක්

colombotoday

තේ දලු මිල 100% කින් ඉහළට

colombotoday