Colombo Today Local News

කෝටි 16කට අධික කුඩු සෙල්ලම් බඩු එක්ක එවලා

යුරෝපා රටවල් කීපයකින් තැපැල් සේවය හරහා ශ්‍රී ලංකාවට එවූ සැක සහිත පාර්සල් හතක සෙල්ලම් බඩු සහ ආහාර අඩංගු ටින් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් කෝටි 16කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.

එම මත්ද්‍රව්‍ය තොගයේ කුෂ් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4673 ක් සහ මෙතම්ෆටමයින් අඩංගු මත්පෙති 9586 (ග්‍රෑම් 4009) ක් අඩංගු වූ බවත් එහි වෙළඳපළ වටිනාකම පිළිවලින් රුපියල් 70,095,000 ක් සහ රුපියල් 95,860,000 ක් ලෙස සම්පූර්ණ මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් 165,955,000ක් යැයි තක්සේරු කර ඇති බවත් රේගුව සඳහන් කරයි.

මුලික රේගු විමර්ශනය අවසානයේ එම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදුන් බව ද රේගුව වැඩි දුරටත් පැවසීය.

Related posts

‍”හොර වැඩක් අතේ මාට්ටු.. හෙළිකරොත් නඩු දානවලු.. ඕං අපේ ආණ්ඩුවේ මුදල් ඇමතිගෙ වැඩ” – අනුර දිසානායක

colombotoday

කොටවෙහෙර විහාරයේ කරඬු හොරු අල්ලන්න මහජන සහය පතයි

colombotoday

සම්බන්ධන් විපක්ෂ නායක කාර්යාලයට අරක් ගනී.. මහින්දට ඉඩ නෑ…

colombotoday

සීදුව විදුහලක ගුරුවරියකට කොවිඩ්

colombotoday

මහා බදු වංචාවක්.. එන්රික් ගෙන්වූ සංගා-මහේලගේ සමාගම බ්ලැක් ලිස්ට්

colombotoday

නිරෝධායන මධ්‍යස්ථානයෙන් භාණ්ඩ සොරකම් කළ කොවිඩ් රෝගීන් සිව්දෙනෙකු අත්අඩංගුවේ

colombotoday