Colombo Today Local News

‍බොන්නේ බලාගෙනයි.. කොළඹ පානීය ජලයේ අසූචි?

b6eb9e37f060b41e2d9dba7ae79b9aad_L

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාවයට ජලය ලබා ගන්නා කැළණි ගංගාවේ ජලය ඉතාමත් භයානක ලෙස අපවිත්‍ර වී ඇති බව හෙළි වී ඇත.

වෛද්‍ය පරීක්ෂණ ආයතනය මගින් සිදු කළ පරීක්ෂාවකින් පසු මේ බව අනාවරණය වී ඇති බව යි වාර්තා වන්නේ.

එම ජලයෙහි 180% ක් අසූචි ද, 200% ක් ‘E-coli’ බැක්ටීරියාව ද අඩංගු බව එම පරීක්ෂණයෙන් හෙළිව ඇතැයි පැවසෙන අතර සංචාරක පුරවරයක් බවට පත් වී ඇති කිතුල්ගල ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම්වල, සංචාරක හෝටල්වල වැසිකිළි කැසිකිළි ගං ඉවුරේ පිහිටා තිබීම සහ එම හෝටල්වල පිහිනුම් තටාකයන් හි ජලය ගංගාවට මුදා හැරීම මෙයට හේතු වී ඇති බව පැවසේ.

කැළණි ගංගාවේ ජලය අපවිත්‍ර වී ඇතැයි තහවුරු කර ඇති වාර්තාව ජනාධිපති කාර්යාලය හා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු විවිධ ආයතන කරා යොමු කර ඇති බව වාර්තා වේ.

Related posts

පුවත්පත් කලාවේදී ප්‍රදීප් කුමාර බාලසූරිය දිවි සැරිය නිමා කරයි

Admin

අපිට ජාත්‍යන්තර සහය තියනවා,චීනෙන් නොමිලේ පාසල් ඇදුම් දුන්නා

Admin

කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද පැය 15 ක ජල කප්පාදුවක්

colombotoday

ඇඳිරි නීතිය පවතින කාලය තුළ ෆාමසි විවෘත කර තැබීමට පියවර. ඖෂධ වට්ටොරුව ඇඳිරි නීති අවසර පතක් ලෙස සලකයි.

colombotoday

ගිනිපෙට්ටි වෙනුවෙන් හදුන් පෙරට

Admin

ජල විදුලිය දීමට හැක්කේ තවත් සති 6ක් පමණයි

Admin