Colombo Today Local News

මැතිවරණයට පොහොට්ටුව සූදානම් – බන්දුල ගුණවර්ධන

පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහජන නියෝජිතයන් ලෙස තම පක්‍ෂය මැතිවරණයට සූදානම් බවත්, එජාපයත් අනිත් පක්‍ෂ සමඟ සන්ධානගත වෙමින් ඊට මුහුණ දෙන ලෙස පක්‍ෂ නායකයන්ගෙන් උපදෙස් ලැබී ඇති බවත් ඇමතිවරයා සඳහන් කරයි.

ඒ අනුව රට පුරා පළාත් පාලන ආයතන වෙනුවෙන් නාමයෝජනා ලබාදීමට සූදානම් බවත්, නාමයෝජනා මණ්ඩල පත්කර ඒ සඳහා කටයුතු කිරීමේ පක්‍ෂ යාන්ත්‍රණ ක්‍රියාත්මක බවත් ඇමතිවරයා කියයි.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පළාත් සභා මැතිවරණය කුමන ආකාරයකින් හෝ කල්දැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ කරන්නේදැයි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

Related posts

යනකොට අනුන්ගේ ඇඳුම් අරගෙන යන්න එපා- රනිල්ගෙන් ඉල්ලීමක්

colombotoday

ඇවන්ගාඩ් මාර්ගයෙන් ගෝඨාබය හිර කරන්නයි හැදුවේ – විජේදාස රාජපක්ෂ

colombotoday

මිරිහානේ සිද්ධියේ විමර්ශන සී.අයි.ඩීයට

colombotoday

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ​අද

colombotoday

ජංගම දුරකථන සමාගම් මගින් රක්ෂණ විකිනීමේ ක්‍රියාවලිය අත්හිටුවයි

colombotoday

පිරවුම්හලක කලහකාරී ලෙස හැසිරුණු 13ක් යතුරු පැදි 20ක් සමග අත්අඩංගුවට

colombotoday