Colombo Today Local News

දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයි

දේශීය ආදායම් (සංශෝධන) පනත අද (19)දින සිට බලාත්මක විය.

එම පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද අත්සන් තැබුවේය. පනත බලාත්මක වූයේ ඒ අනුවය.

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා වැඩි ඡන්දයෙන් සම්මත විය.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද අසූ තුනක් ලැබුණු අතර ඊට විපක්ෂව ලැබුණේඡන්ද 41ක් පමණි.

ඉන්පසු පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහාද විරුද්ධ පාර්ශවය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 79ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද තිස් හයක් පමණි.

මේ අනුව මෙම පනත් කෙටුම්පත 2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස අද සිට බලාත්මක විය.

Related posts

මේ අවුරුද්දේ සිදුවන මහා පාවාදීම් තුනක් ගැන හෙළිදරව්වක් !

colombotoday

ඉන්දු – ලංකා හනුමා පාලම අනිවාර්යෙන්ම හදනවා – ඉන්දීය රාජ්‍ය ඇමති කියයි

colombotoday

“අයවැය රහස් හෙළි කිරීමට සූදානම් නැහැ”

colombotoday

මංතීරු නීතිය කඩකරන්නන්ට රුපියල් දෙදහසක දඩයක්

colombotoday

කතුන් තිදෙනෙක් කෙහෙවලු පටලාගෙන එක් කතක් මරු වැළඳ ගනී

colombotoday

උතුරෙන් සිංහලයන් එලවන්න කතා කරන විග්නේෂ්වරන්ට අලුත් ව්‍යවස්ථාවෙන් ඉඩම්, පොලිස් බලය

colombotoday