Colombo Today Local News

සමුගන්න පෙර හනා ජනපති හමුවෙයි

සේවා කාලය නිමා කර සිය රට බලා නික්ම යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් (Hanaa Singer) මහත්මිය අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබේ.

හනා සිංගර් මහත්මිය සමග සුහද කතා බහක නරත වූ ජනාධිපතිවරයා එතුමිය ශ්‍රි ලංකාව වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමින් ස්තූතිය පිරිනැමූ අතර ඉදිරි කටයුතු වෙනුවෙන් ද සුභාශීංසන පිළිගැන්වීය.

හනා සිංගර් මහත්මිය 2018 සැප්තැම්බර් 07 දා සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කළාය.

Related posts

ජනපති නියෝගයෙන් පාර්ලිමේන්තුව සති දෙකකට කල් තැබේ?

colombotoday

පියයුරු පිළිකා සෛල නසන මීමැසි විස

colombotoday

දිවුලපිටිය කත නව කොරෝනා පොකුරේ පළමු අසාදිතයා නොවේ – සෞඛ්‍ය අංශ තහවුරු කරයි

colombotoday

දිවුරුම් දීම සූදානම්… එජාප මන්ත්‍රීලා ජනපති කාර්යාලයට එති…

colombotoday

ජාතික කොඩියට කෙලගසා ගිනිතැබිය යුතුයි – වටරැක විජිත හිමිට විරුද්ධ බොදු බලේ පැමිණිල්ල විභාගයට

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය

Admin