Colombo Today Local News

නව විදුලි බිල සූත්‍රය අනුව මුල් ඒකක 30ට බිල රු. 3000ක්

නව විදුලි මිල සූත්‍රය අනුව පළමු ඒකක 30ට එක් ඒකකයකට කරන අයකිරීම් රුපියල් අටේ සිට පනහ දක්වා ඉහළ දැමෙන්නේ යැයි ද ඒ අනුව පළමු ඒකක 30 වෙනුවෙන් සෑම පාරිභෝගිකයේකුට ම රුපියල් 1,500ක ස්ථාවර ගාස්තුව ද සමග රුපියල් 3,000ක බිලක් ලැබෙනු ඇතැයි ද තෙල් වරාය සමගි ඒකාබද්ධ බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ඊයේ (18)දින පැවසීය.

විදුලි ගාස්තු සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත යැයි කී හෙතෙම මෙය තනිකරම කළු කඩ වෙළෙඳාමක් යැයි චෝදනා කළේ ය.

ආනන්ද පාලිත මහතා වැඩි දුරටත් සදහන් කළේ…

“විදුලි ගාස්තු සංශෝධන පනත් කෙටුම්පත අද (18දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙච්චර කල් පළමු ඒකකයට අය කළ රුපියල් 8 මේ සමග 50ක් වෙනවා. ස්ථාවර ගාස්තු 1,500යි. ඒ කියන්නෙ ඒකක 30ක් පාවිච්චි කරන කෙනෙක් රුපියල් තුන්දාහක් ගෙවන්න ඕනෑ. විදුලි බිල වැඩිකරලා. විදුලි ඒකකයත් වැඩි කරලා. විදුලි බිල ඒ වගේ තුන් ගුණයකින් වැඩි කරලා. මේක කළු කඩයකට එහා ගිය මිල වැඩි කිරීමක්. විදේශීය පෞද්ගලික සමාගම්වලට බලාගාර විකිණීමේ අදහසින් මේ මිල වැඩි කිරීම කරන්නේ.”

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික පළකල අදහස්…

“අපි හිඟා කාලා හරි කැට හොල්ලලා හරි මේකට විරුද්ධව නඩු කියනවා. නීතිපතිත් මේකට වගකිව යුතුයි. අපි ඔහුත් නීතිය හමුවට ගේනවා. ඔය කට්ටිය ටයි එක ගලවලා ජම්පර් අඳින්න ලෑස්ති වෙන්න.”

Related posts

බහුතරය පිළිගන්නා නව කැබිනට් මණ්ඩලයක් පත් කරන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුගෙන් ජනපතිට ලිපියක්

colombotoday

රටේ සිදුවන දේ පත්තරෙන් දැකලා කොහොමද රට පාලනය කරන්නේ – මහින්ද අසයි

colombotoday

අසාද් සාලිට වැඩ වරදින ලකුණු. ICCPR සහ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ වරදක් කරලා ?

colombotoday

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතියේ දිවයිනට..

colombotoday

ඉන්දු-චීන-ඇමරිකා බල අරගලය මැදින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළින්ම ඔසවා තබන සැලසුම ගෝඨා හෙළි කරයි (Video)

colombotoday

ඕමානයේ අතරමං වූ කාන්තාවන් 16 ක් නැවත දිවයිනට

colombotoday