Colombo Today Local News

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරි චිරන්තගෙන් පෙත්සමක්

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස සැලකෙන චිරන්ත අමරසිංහ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, සහකාර පොලිස් අධිකාරී නලින් දිල්රුක්, කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා නම් කර තිබුණි.

පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් 28 වනදා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පැවැත්වූ විරෝධතාවයකට සහභාගි වී වාර්තා කිරීමේ කටයුතුවල තමා යෙදී සිටි බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

ඊට අමතරව ජූලි මස 9 වනදා ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය තමන්ව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු කියා සිටි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

යහපාලනය තියෙද්දී ඥානසාර හිමි දෙමල නිජභූමියට ආවා – ඒ නිසා ජනාධිපතිවරණයට තනිව ඉදිරිපත්වෙනවා. සිවාජිලිංගම් කියයි.

colombotoday

එමිල්-රංගජිව යළි රිමාන්ඩ්

colombotoday

නාවික හමුදා රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව එජාප මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

හිජාස් හිස්බුල්ලාහ්ගේ අයිතිවාසිකම් කඩ වුනැයි කියමින් නීතීඥ ගෞර සංගරී තවරාසා ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

වැලිකඩ බන්ධනාගාරය තුල ඥානසාර හිමිගේ ජීවිතය අනතුරක

colombotoday

මහින්දට හා විමල්ට පාතාලයෙන් ජීවිත තර්ජන?

colombotoday