28 C
Colombo
20 December 2024
Colombo Today Local News

හීටරයක් පුපුරා හටගත් ගින්න මාස 3ක බිළිඳියක් බිලිගනී

අංගොඩ, අඹතලේ ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් මාස 3ක් වයසැති බිළිඳියක් පිළිස්සී මිය ගොස් තිබේ.

බිළිඳිය සිටි කාමරයේ ජලය උණු කිරීම සඳහා භාවිත කළ හීටරයක් පුපුරා යාමෙන් ගින්න හටගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

අදාල නිවසේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කර ඇති අතර යාබද නිවසකින් අනාරක්ෂිත ලෙස තාවකාලිකව විදුලිය ලබා ගෙන තිබේ.

බිළිඳියගේ මව හීටරය විසන්ධි කිරීමකින් තොරව නිවසින් බැහැරව සිටියදී එය පුපුරා ගොස් ගින්න හටගෙන ඇති අතර, බිළිඳිය සිටි ඇඳේ මෙට්ටයට ගින්න ව්‍යාප්ත වීමෙන් ඇය පිලිස්සී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

Related posts

වගාවට එන සතුන්ට ඕන දෙයක් කරන්න

Admin

කොටස් වෙළෙඳපොළ ඒකක 99.49කින් ඉහළට

Admin

බන්දුල රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය ප්‍රතික්ෂේප කරයි

colombotoday

කොටහේන හින්දු කෝවිලට එල්ල වූ අන්තවාදී ප්‍රහාරය බොදු ජන පෙරමුණ හෙළාදකී

colombotoday

ප්‍රථම ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඇණිය විසිර යයි (Photos)

colombotoday

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අලුත් කිසිවක් කියැවුණේ නැහැ

colombotoday