Colombo Today Local NewsUncategorized

ඉහළින් ආ නියෝගයෙන් වැලිකඩ හිරගෙදර ධර්ම දේශනා අතරමග නවතී

darma deshana 2656

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඊයේ පොහෝ දිනයේ සිදු කෙරුණු ශීල භාවනා වැඩසටහන අතරමග නතර කර තිබෙනවා.

පොහෝදින අලුයම වැලිකඩ බන්ධනාගාර රෝහලේ බුදු මැදුර අභියසදී නේවාසිකව සිටින රැඳවූවන් අෂ්ඨාංගශීලය සමාදන් කරවීමෙන් මෙම පොහොය දින වැඩසටහන ආරම්භ කෙරුණා.පෙරවරුවේ භාවනා වැඩසටහන ඥාණසාර හිමියන් විසින් පවත්වා ඇති අතර එය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග රජයේ ඉහළ තැනකින් ලැබුණු නියෝගයක් පරිදි අනෙකුත් වැඩසටහන් නවතා දැමීමට බන්ධනාගාර පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කාව්‍යමය ධර්මදේශනාවක් පවත්වමින් සිටියදී අතරමග නවතා දැමීමට බන්ධනාගාර පාලනාධිකාරිය නියෝග කර තිබෙන අතර පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් විසින් පැවැත්වීමට නියමිතව තිබූ ධර්ම දේශනයද සහ සවස භවනා වැඩසටහනද අවලංගු කර තිබෙනවා.

ස්ත්‍රී,ළමා අපචාර, මත්කුඩු ජාවාරම වැනි බරපතල ගණයේ අපරාධවලට චූදිතව මේ වනවිට සිරගතව සිටින කතෝලික සහ ඉස්ලාම් පූජකයන්ට තම ආගමික කටයුතු සිය ආගමික රැදවියන් වෙනුවෙන් නිදහසේ කරගෙන යාමට අවස්ථාව ලබා දී තිබේ. එනමුත් බෞද්ධ භික්ෂූන්වහන්සේලාට තහංචි පනවමින් ධර්ම දේශනා වැඩසටහන අතරමග නතර කර දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් පවා දැඩි විමතිය පල කරන අතර බන්ධනාගාර ඉතිහාසයේ තියා තමන් දන්නා ඉතිහාසයක මෙලෙස දේශපාලන නියෝගයකින් ධර්ම දේශනාවක් අතරමග නතර කර දැමීමට කටයුතු කිරීම ගැන අසා නැතිබවද එම නිලධාරීන් කතා බහ වී ඇත.

Related posts

අලුත් ව්‍යවස්ථාවෙන් උතුර නැගෙනහිර ඒකාබද්ධ ස්වයං තීරණ අයිතිය ඕනෑ..- TNA

colombotoday

පාසලක් පිටුපස ඉඩමකින් ගිනි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගනී

colombotoday

පුරප්පාඩු ගණනයෙන් පසු විශ්වවිද්‍යාල ආචාර්වරු බඳවා ගැනීම අරඹයි

Admin

අයථා ලෙස මෙරටට මුදල් එවන බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර

colombotoday

ආණ්ඩුව මන්ත්‍රී වාහනේ බරත් ජනතාවට පටවන්න හදනවා

Admin

ගිනිගත් නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කරයි

colombotoday