Colombo Today Local News

අත් සහ කට ගැට ගැසූ නාඳුනන මළ සිරුරක් මිනිස් අස්ථි කොටස් හමු වූ කැටකැරැල්ල පාලම අසල

ඝාතනය කළ බවට සැක කෙරෙන නාඳුනන පිරිමි‍ මළ සිරුරක් ඉංගිරිය – රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී අද (15) පෙරවරුවේ හමුව තිබේ.

එම පුද්ගලයාගේ අත් දෙක බඳ පටියකින් සහ සුදු පාටට හුරු බැනියමකින් පිටුපසට කර ගැටගසා තිබී ඇති අතර කට ද ගැට ගසා තිබූ බව පොලීසිය පවසයි.

උඩුකය නිරාවරණය වී තිබී ඇති අතර, එම පුද්ගලයා කළු පාටට හුරු කලිසමක් හැඳ සිටින බව ද පොලීසිය සඳහන් කරයි.

කිසියම් ප්‍රදේශයක දී ඝාතනය කර අද අලුයම් කාලයේ දී එම ස්ථානයට ගෙනත් දමන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

මළ සිරුර වයස අවුරුදු 40 සහ 50 අතර පසුවන පුද්ගලයකුගේ බවට පොලීසිය සැක පළ කරයි.

දින කිහිපයකට ඉහතදී එම ස්ථානය ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් කිහිපයක් ද පොලීසියට හමුව තිබේ.

ඉංගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

මෙවර ශිෂ්‍යත්වයෙන් දරුවන් පස් දෙනෙක් වැඩිම ලකුණු ගනී

Admin

රජයේ මුදලින් මැති ඇමතීන්ට රට සවාරි තහනම් – ජනපති නියෝග කරයි

colombotoday

මාලඹේ බොබ් මාලි අල්ලන්න පොලීසිය මහජන සහාය පතයි

colombotoday

තමුසෙට පුළුවං දෙයක් කරනවා – සාලිගෙන් බුද්ධශාසන ඇමති විජේදාසට අභියෝග Video

colombotoday

මහ බැංකුව අගමැති මහින්ද යටතට…

colombotoday

කොට්ටහච්චිට උගන්ඩාව පාරාවලල්ලක් වෙයි

Admin