Colombo Today Local News

පොලොන්නරුවේ නිධන් හෑරු 4ක් අල්ලයි

පොලොන්නරුව තඹාල පුලස්තිගම නිවසක පිටුපස නිධන් හාරමින් සිටි සිව්දෙනකු,නිධන් හෑරීමට යොදාගත් උපකරණ රැසක් ද සමග අද(12) උදෑසන අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ, පානදුර, පොළොන්නරුව, සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවද අරලගංවිල විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක ආර්. එම්. පී. ජයකැලුම් මහතා සඳහන් කරයි.

මෙම සැකකරුවන් නිධන් හෑරීමට පෙර එම ස්ථානය, ස්කෑන් යන්ත්‍ර යොදා පරික්ෂාකර ඇති බවද ජයකැලුම් මහතා පවසයි.

සැකකරුවන් සතුව තිබූ පූජා භාණ්ඩ, යකඩ ඉනි, උදලු, සවල්, වතුර ඉහන ප්ලාස්ටික් බට, පොල්තෙල් මැටි පහන්, සුවඳ කූරු, නූල්, දෙහි, මුහුදු වැලි, සාම්බ්‍රානි ඇතුළු විශාල පූජා භාණ්ඩ ප්‍රමාණයක්, සහ නිදධන් හෑරීමට යොදාගත් උපකරණ රැසක් මෙහිදී අත්අඩංගුවට ගත් බවද හෙතෙම කියයි.

අරලගංවිල විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක ආර්. එම්. පී. ජයකැලුම් මහතාට තොරතුරකට අනුව, අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මෙම වැටලීම් සිදුකර ඇත.

Related posts

ව්‍යවස්ථාව එපා කියු නිසා ත්‍රෛනිකායික මහ සඟරුවනට අවමන් කරන්න NGO මෙහෙයුමක්‌ !

colombotoday

අජිත් රෝහණගේ තනතුර SSP නිහාල් තල්දූවට

colombotoday

ජනපති – අගමැති සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුයි – සජිත්

colombotoday

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට !

colombotoday

නව කතානායක අශෝක රන්වල?

Admin

පුපුරණ ද්‍රව්‍ය ගෙනා බවට සැක වෑන් රථයක් අල්ලයි…

colombotoday