Colombo Today Local News

අයිස් ගහන පාර්ලිමේන්තු පොලිසියේ කොස්තාපල් ගෙවල් කොල්ලකලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලෙස ගොස් මත්ද්‍රව්‍ය සොයන මුවාවෙන් වැල්ලම්පිටියේ මීතොටමුල්ල නිවසක් කොල්ලකෑ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරියෙක් බව
වැල්ලම්පිටිය පොලිසිය කියයි.

එම සැකකරුවන් නිවෙසින් කොල්ලකා තිබූ රුපියල් 10,000ක් හා රුපියල් 38,000ක් පමණ වටිනා රිදී මුදු 4ක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් නිල ඇඳුමෙන් සැරසුණු කොස්තාපල්වරයා හා තවත් තිදෙනෙකු එම නිවසට ගොස් විනාඩි කිහිපයක් එහි ගත කර එහි තිබූ දේපළ කොල්ලකෑමෙන් අනතුරුව නිවෙස් හිමියාට අත් මාංචු දමා රැගෙන යාමට සූදානම් වී ඇතැයි පොලිසිය කියයි.

පැමිණි එක් පුද්ගලයෙකු පච්ච කොටා තිබීම හේතුවෙන් සැක සිතූ නිවෙසේ හිමියන් ඒ බව පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට තොරතුරු ලබාදීමත් සමග ම වහා ක්‍රියාත්මක වූ වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සිවුදෙනෙකු එම කොල්ලය සඳහා පැමිණ ඇතත් එක් සැකකරුවෙකු පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.

කොල්ලය සැලසුම් කළ කොස්තාපල්වරයා අනෙක් තිදෙනාට පොලිස් නිලධාරීන් අඳින ටී ෂර්ට් හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් යතුරුපැදි සඳහා භාවිත කරන ලද ජැකට්ටුවක් ලබාදී ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා සහ අනෙකුත් තිදෙනා තදින් අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් බවත් මත්ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා මෙම කොල්ලය කර ඇති බවත් පොලිසිය කියයි.

වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික නිලන්ත වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

කාලගුණයෙන් රතු නිවේදනයක්

colombotoday

ගෝඨාභය දින්නොත් අපේ ඉල්ලීම් කීයටවත්ම ලැබෙන්නෑ… සජිත් දිනවා අපට නියත බලයක් ලබාගමු – සම්බන්ධන්

colombotoday

ඉන්ධන පෝලිමේදී ඇති වූ ගැටුමෙන් දෙදෙනෙක් රෝහලේ… එකක් කූඩුවේ

colombotoday

මාදම්පේදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර සොයා ගනී

colombotoday

තෙවරප්පෙරුම දෙවරක් නොසිතයි.. ඕඅයිසී ට මහ පාර මැද තිත්ත කතාවෙන් බැණ වදී (Video)

colombotoday

හවුල් ආණ්ඩුව මටත් හොද නෑ.. රනිල්ට පමණක් දෙවනි මට ඇමතිකමක්වත් නෑ

colombotoday