Colombo Today Local News

උසස් කාර්ය සාධන ක්‍රීඩා වැඩසටහනෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 178කට මූල්‍යමය ප්‍රතිපාදන

ක්‍රීඩා සංගම් සහ සම්මේලනය නියෝජනය කරමින්, ජාතික ක්‍රීඩා සංචිතයන් යටතේ උසස් දක්ෂතා දක්වනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගවල දී අපේක්ෂා කළ හැකි ජයග්‍රහණ පිළිබඳව දීර්ඝ ලෙස විශ්ලේෂණයක් සිදු කිරීමෙන් අනතුරුව, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වර්ගීකරණයකට ලක් කර තිබේ.

ඒ අනුව, තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 178 දෙනෙකු සඳහා මූල්‍යමය ප්‍රතිපාදන ලබාදීම, ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී සිදු විය.

එමෙන්ම, සංචිතයන්ට ඇතුළත් නොවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳව යළි සලකා බැලීමෙන් අනතුරුව, ඔවුන්ගේ ක්‍රීඩා දක්ෂතා වර්ධනය කර ගැනීම සඳහා දිරිගැන්වීමක් වශයෙන්, ඔවුන් සඳහා ද මාසිකව විශේෂ මූල්‍යමය දීමනාවක් ලබාදීමට පියවර ගෙන තිබේ.

Related posts

මානසික රෝගියෙක් කියා අංගොඩ යැවූ, සිරිකොතේ අලියාට වෙඩිතැබූ රාලහාමිට ඇප !

colombotoday

විෂ පොල්තෙල්වලට එරෙහිව කාවින්දගෙන් පැමිණිල්ලක්

colombotoday

රිෂාඩ් බදියුදීන් කටඋත්තර දීමට පාස්කු කොමිසමට

colombotoday

ඔමික්‍රෝන් අනු ප්‍රභේද දෙකක්

colombotoday

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ලංකාවටත් Flying Boat පළමු වරට

colombotoday

හජ් වන්දනාවේ ගිය 550ක් මියගිහින්

Admin