Colombo Today Local News

මහේස්ත්‍රාත්වරියකට බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්

හිටපු මහේස්ත්‍රාත්වරියකට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 5 බැගින් සිරදඬුවම් නියම කර තිබේ.

සුරාබදු වැරදි සඳහා අය කරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩු දෙකකට වරදකරු කරමින් අධිකරණය එලෙස දඬුවම් නියම කර ඇත.

මේ වන විට විත්තිකාරිය විදේශගතව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති බව රජයේ අධිනීතීඥවරයා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් ‍රණරාජා ඇයට වරෙන්තු ද නිකුත් කළේ ය.

ගාල්ල හිටපු මහේස්ත්‍රාත් ඩී.එස්. මෙරෙන්චිආරච්චි නමැති අයට මෙලෙස අධිකරණය මගින් දඬුවම් නියම වී වරෙන්තු නිකුත් කෙරිණි.

ඊට අමතරව විත්තිකාරියට රුපියල් 22,500ක දඩයක් ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේ ය.

දඩ නොගෙවන්නේ නම්, ලිහිල් වැඩ සහිත සිර දඬුවම් නියම කරන බවට විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේ ය.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු දෙකක වත්තිකරුවන්ට නියම කළ රුපියල් 7,500ක දඩය රු.1500 ලෙස හා රුපියල් 5,000ක දඩය රු. 2500 ලෙස වෙනස් කර සටහන් කිරීමෙන් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට විත්තිකාරියට එරෙහිව අධිචෝදනා හතරක් යටතේ නීතිපතිවරයා විසින් 2009 වසරේදී මෙම නඩු දෙක කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබිණි.

Related posts

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර ඉවත් කරයි

Admin

චීන විද්‍යාත්මක පර්යේෂණ යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොටට

colombotoday

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday

සජිත් ඉල්ලා යාපනේ වැසියෝ පොල් ගසති !

colombotoday

20ට එරෙහිව සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඇතුළුව තවත් පෙත්සම් 6ක්

colombotoday

විරෝධතා කරන්න ගිය ලංකා ගුරු සේවා සංගමයේ ලේකමුත් අත්අඩංගුවට

colombotoday