මහා පරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාර හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අයගේ නිවසේ විදුලිය අද (02) දින සිට විසන්ධි කර ඇතැයි වාර්තාවේ.
මාස 4කට අදාල හිඟ විදුලි බිල නොගෙවීම හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි කර ඇතැයි ද වාර්තාවේ.
මෙලෙස විදුලිය විසන්ධි කර ඇත්තේ වත්තල අැවරිවත්ත එඩ්වඩ් පටුමගේ පිහිටි තිළිණි ප්‍රියමාලි යන අය සහ ඇගේ පවුලේ අය කුලී පදනම මත ජීවත්ව සිටි නිවසේ ය.