Colombo Today Local News

තුන්වන පාසල් වාරය අදියර තුනකින් – නිවාඩුව ලැබෙන විදිහ මෙන්න

මෙවර දෙවන වාරය සහ තුන්වැනි වාරය සඳහා පාසල් නිවාඩු ලබාදෙන ආකාරය අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

2022 වර්ෂයේ පාසල් දෙවන වාරය අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

තුන්වන වාරය ලබන 05 වනදා ආරම්භ වන අතර එය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව එහි පළමු අදියර 05 වනදා සිට ලබන 22 වනදා දක්වා පාසල් පැවැත්වේ.

23 වනදා සිට ලබන වසරේ (2023) ජනවාරි 01 දා දක්වා යළි පාසල් නිවාඩුව ලබාදෙන අතර දෙවන අදියර යටතේ ජනවාරි 02 වනදා සිට 20 වනදා දක්වා යළි පාසල් පැවැත්වීමටයි නියමිතව ඇත.

ජනවාරි 21 වනදා තුන්වන වාරය සඳහා යළි නිවාඩු දෙන පාසල්, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි 19 වනදා දක්වා නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය.

තුන්වන අදියර යටතේ යළි පාසල් ආරම්භ වන්නේ පෙබරවාරි 20 වනදායි.

Related posts

රන්ජන්ට ජනපතිගෙනුත් කැපිල්ලක්..!

colombotoday

දේශිය වෙලදපොලේ සිනි සහ පරිප්පු මිල රු 10 කින් ඉහලට.

colombotoday

විපක්ෂනායක මහින්දට ජවිපෙන් පැසසුම්

colombotoday

වැට් බදු වැඩිවීම ජලයටත් අදාලයි.. ආණ්ඩුව නෑ කී දේ හකීම් කියයි.. ජල බිලත් ළගදීම ඉහළට!

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුත්තලමේ අන්තවාදී සංවිධානයක්

colombotoday

සහරාන් ඇතුළු ත්‍රස්තයන් ප්‍රහාරයට පෙර තවත් 38ක් සමග අවසන් පුහුණුව කරපු කදවුරක් නුවරඑළියෙන් සොයාගනී…

colombotoday