Colombo Today Local News

මී උණ ව්‍යාප්තිය වැඩි වෙයි

වර්ෂාව සමග ගොවි බිම් ආශ්‍රිතව මී උණ ව්‍යාප්තියේ වැඩි වීමක් දැකගත හැකි බව සෞඛ්‍ය අංශ අනාවරණ කර තිබේ.

වගා කටයුතුවල නිරත වීමේ දී වකුගඩු රෝගීන් සහ අක්මා රෝගීන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

කුඹුරු ඉවුරු ආශ්‍රිතව එළිපෙහෙළි කිරීමේදී ප්‍රවේශම් වන ලෙස ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගොවීන්ට උපදෙස් දෙයි.

ගොවිතැන් කටයුතු සඳහා යොමු වීමට පෙර අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ද ඔහු ඉල්ලීමක් කරයි.

Related posts

කෝටි 12 කට අධික කේරළ ගංජා සමඟ අයෙක් නාවික හමුදා භාරයට

colombotoday

අන්තර්කාලීන නායකයෙකුට එජාපයෙන් විරෝධයක්.. නවීන්ගේ සහය වජිරට

colombotoday

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

වරාය විකුණන්නෙත් නෑ, බදු දෙන්නෙත් නෑ – අගමැතිගෙන් සහතිකයක්

colombotoday

කැටගොඩ ගේ නම ගැසට්ටුවට

colombotoday

රු. කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Admin