Colombo Today Local News

යාලට එන අයට ගිමන් නිවන තැනක්

යාල වනෝද්‍යානයට එන දෙස් විදෙස් සංචාරකයින්ට දිවා කාලයේ විවේක ගැනීම සඳහා වෙනමම විවේක ස්ථානයක් (Resting Place) ඉදි කිරීම අැරැඹූ බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

යාල වනෝද්‍යානයේ වන සතුන් නැරඹීම සඳහා දෛනිකව වාහන 400කින් පමණ දෙස් විදෙස් සංචාරකයන් එන අතර මොවුන්ට දිවාකාලයේ විවේක ගැනීම සඳහා පහසුකම් සහිත සුදුසු ස්ථානයක් නොවීම නිසා මෙම තීරණය ගෙන ඇත.

යාල වනොද්‍යානයේ මුහුද අසල බිම් තීරුවක් දෙස් විදෙස් සංචාරකයින්ට විවේක ගැනීම සඳහා සකස් කිරීම මේ දිනවල සිදු කෙරෙන බවද යාල වනාන්තරයේ පට්ටනංගල Block B කොටසේ මෙම විවේක පරිශ්‍රයට වෙන් කර ඇති අතර වාහන 200ක් පමණ එහි නැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසන බව අමාත්‍යාංශය පවසයි.

වනජීවී දෙපාර්තමේන්තුව මීට වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 56කි.

වන සතුන්ට සහ වෘක්ෂලතාවලට හානියක් නොවන අයුරින් මෙම විවේක ස්ථානය ඉදි කිරීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.

Related posts

ආගමට මුල්තැන දෙමින් ගෝඨාභය 69 සමරයි..

colombotoday

සම්පායෝ හෙට වෙනතෙක් රිමාන්ඩ්

colombotoday

මහින්දගේ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

colombotoday

“GSP සහන කැපුවා කියන කුහකයන්ගේ කටවලට පණුවො ගහන්න ඕන” – හර්ෂද සිල්වා ශාප කරයි

colombotoday

හිටපු ජනපති මහින්ද කොටි සංවිධානයේ ඉලක්කය වෙයි ? හිටපු කොටියෙක් ළඟටම එවලා.

colombotoday

බස් ගාස්තුව ජූලියේ සිට ඉහළට !!

colombotoday