Colombo Today Local News

මනුෂ්‍ය ඝාතන දෙකකට ආධාර අනුබල දුන් 4ක් අල්ලයි

මනුෂ්‍ය ඝාතන දෙකකට ආධාර අනුබල දුන් පුද්ගලයින් සිව්දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් ගණේමුල්ල සහ රාගම ප්‍රදේශවලදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් එක් පුද්ගලයෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ජීව අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැලිපිල්ලැව, ගණේමුල්ල ප්‍රදේශයේ කුලී කාමරයක නවාතැන්ගෙන සිටියදී.

එහිදී වෙනත් තැතැත්තෙකුට අයත් විදෙස් ගමන් බලපත්‍රයක්, රියදුරු ගමන් බලපත්‍රයක් සහ වෑන් රථයක් ද පොලිස් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු බංගලාවත්ත, කඩවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක පුද්ගලයකි.

අනෙක් පුද්ගලයින් තිදෙනාද හෙරොයින් මත්ද්‍රව්‍ය සමග ඇලපිටිවල, රාගම ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්ව ඇත.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මි.ග්‍රෑ. 580 ක්, ජංගම දුරකථනයක්, විද්‍යුත් තරාදියක් සහ යතුරු පැදියක් ද විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.

අදාළ මෙම පුද්ගලයන් තිදෙනා රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23,24 වයස්වල පසුවන්නන්ය.

Related posts

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරය මයියා ට

Admin

අන්තරේ විරෝධය විසුරුවා හැරිම ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි

Admin

තවත් මැතිවරණ සන්තෝෂමක් ! වාහන සඳහා අය කරන සුඛෝපභෝගී බද්ද ඉවත් කෙරේ !

colombotoday

දේශපාලන වාසි තකා මේ ආණ්ඩුවෙන් විවෘත නොකෙරේ.. බිලියන 7ක් වැයකර හැදූ හම්බන්තොට රෝහල කැළෑවට යයි !

colombotoday

නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අල්ලයි

Admin

අවුරුදු 5න් ලංකාවේ චන්ද්‍රිකාවක් නිපදවා ලංකාවෙන්ම අභ්‍යාකාශ ගත කරනවා

colombotoday