Colombo Today Local News

දෙවිනුවර – සිංහාසන ආපනශාලාවක් ඉදිරිපිට වෙඩිතැබීමක්

දෙවිනුවර – සිංහාසන මාර්ගයේ පිහිටි ආපනශාලාවක් ඉදිරිපිට වෙඩිතැබීමක් සිදුව තිබේ.

ඊයේ (28) රාත්‍රීයේ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව ගන්දර පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇත.

ගන්දර පොලිස් ස්ථානයට ලද දුරකථන ඇමතුමකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති අතර පසුව සිදුකළ පරීක්ෂාවේ දී හෝටලට ඉදිරිපිට ටී 56 වර්ගයේ ගිනිඅවි වලට යොදන ජීව උණ්ඩ 3ක් සහ හිස් උණ්ඩ කොපුවක් එහි තිබී සොයාගෙන ඇත.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගන්දර පොලීසිය පරීක්ෂණ සිදුකරනු ලබයි.

Related posts

පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි

colombotoday

අරලියගහ මැදුරේදී වෙඩි තබාගැනීමක්.. එස්.ටී.එෆ්. සෙබළෙක් මරුට

colombotoday

කේරළයේ 21 ක් ලංකාව හරහා ගොස් ISIS ත්‍රස්තයන්ට එකතු වෙලා.. මුම්බායි පොලීසිය හෙළි කරයි

colombotoday

මල්වතුහිරිපිටිය භික්ෂූ ඝාතන සිදුවීමේ වෙඩික්කරු අත්අඩංගුවට

Admin

ගම්පහ පුංචි මන්ත්‍රීන් 174න් 151ක්ම මහින්දව ඉල්ලයි.

colombotoday

නාපානේ මහ නා හිමි වෙනුවෙන් නිශ්ශබ්දතාවයක් විපක්ෂය ඉල්ලයි. කථානායක ප්‍රතික්ෂේප කරයි.

colombotoday